Skip to main content

Facebook තාමත් පාවිච්චි කරන්නේ php ද?

php කියන්නේ මොකක්ද කියනවනම්, php කියන්නේ server side scripting language එකක්, server වල තියෙන දත්ත වෙබ් පිටුවලට උස්සලා දෙන්නේ මේ php වලින්. මුල් කාල් මේක ගොඩක් ජනප්‍රියයි වගේම ගොඩක් හොද language එකක් කියලා කට ඇරලා කියන්න පුළුවන් කම තිබ්බා. එත් අද වෙද්දී මේකට ලංකාවේ ජනාදිපතිට තියෙන සලකිල්ලවත් නෑ. මේකේ දුර්වලතා කියනවනම් මේකෙන් බැහැ ගොඩක් ලොකු server වල trafic එක හැඩල් කරන්න, ඒ වගේම මේක අද වෙද්දී ආරක්‍ෂිත මට්ටමින් අන්තිමයි.
දැන් බහිමු අපේ කතාවට, අද වෙද්දී ගමේ පොල් කඩන අංකල්ටත් ෆේස්බුක් ෆෑන් පේජ් එකක් තියෙනවා. සරලව කිවුවොත් මේ වෙද්දී මුලු ලෝකෙන් 80%කට විතර ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මාක් අයියා ගාව රෝම්බා සයිස් server එකක් තියනවා. මාක් අයියා මේක මුලුන්ම හැදුවේ php language එක පාවිච්චි කරලා. එත් මෙහෙම කාලයක් යද්දී එන්න එන්නම අලුතින් හැදෙන එකවුන්ට් ගාන වැඩි උනා.. මෙහෙම එකවුන්ට් වැඩි වෙද්දී අර කලින් පාවිච්චි කරපු php වලට මේ trafic එක ඔරොත්තු දෙන්නේ නෑ කියලා මාක් අයියට වැටහුනා..ඒ වගේම මේ වෙදිදි ඉන්න හැකර්ලා මට්ටම දරුණු ලෙස වැඩි උනා, පදුරකට පයින් ගැහුවම Metasploit framework විසිවෙන්න ගත්තා.. ඉතින් මාක් අයියා දහඅතේ කල්පනා කරා මම මොකක්ද මේකට කරන්නේ කියලා.
ගොඩක් අය හිතන් ඉන්නේ ෆේස්බුක් එකේ කරන්නේ මැසේජ් කරන එකයි පොටෝ upload කරන එකයි පොස්ට් ඒවා share කරන එකයි තමයි කරන්නේ කියලා, ඔව් ෆේස්බුක් එක ඒක තමයි කරන්නේ, එත් මාක් අයියා යටින් හින් නුලෙන් ගහන ගේම් එක කාටවත් පෙන්නේ නැහැ. දැකලා තියේද ෆේස්බුක් එකේ Advertise(Adds) එහෙම යනවා. සමහර පොස්ට් වල දැකලා ඇති sponsor කියලා තියෙනවා. මේ Adds ගැන කතා කරොත් මේවා සාමාන්‍ය ඒවා නෙවෙයි. හැමෝටම එකම Add එක පෙන්නන්නෙත් නැහැ.
මේකයි සින් එක, සිරිපාලට ඕන වෙනවා අලුතින් ලැප්ටොප් එකක් ගන්න, ඉතින් සිරිපාල හාමිනේවත් ලගින් තියන් ඇමසන් වෙබ් සයිට් එකට ගිහින් හොයනවා Asus ලැප්ටොප් ඒවා. මෙහෙම හොයලා හොයලා සිරිපාලගේ data ඉවර උනාම සිරිපාල වැඩේ අතැරලා දාලා නෝනා එක්ක ජොලියේ ඉන්නවා.. ඕම ඕම වෙලාව ගෙවිලා ඔන්න දැන් රෑවෙලා, සිරිපාලි හාමිනෙයි නිදාගන්න යන්නේ. හාමිනේට නින්ද යනකන් ඉදලා සිරිපාල ෆෝන් එක අරගෙන නයිට් data වලින් ෆේස්බුක් යන්න ගන්නවා. මෙහෙම යද්දී සිරිපාලට ෆේස්බුක් එකේ Adds වලින් 80%ක්ම පෙන්නනේ ලැප් ඒවගේ Adds ඒවා. එකෙනුත් 60% විතර පෙන්නන්නේ Asus ලැප් ගැන Adds ඒවා.. සිරිපාලට විතරක් නෙවෙයි මෙහෙම වෙන්නේ, මේ ෆේස්බුක් පාවිච්චි කරන හැම කෙනාටම මේක වෙනවා. අත්දැකීම් තියෙන ඇත්තෝත් මේක කියවද්දී හිනාවෙනවා(අර හුරතල් හිනාව හා)
හිතනවද මේ හැමදේම කරන්නේ php වලින් කියලා. ෆේස්බුක් එකෙන් මැසේජ් කරන්නයි පොටෝ අප්ලෝඩ් කරන්නයි Adds ඒවා දාන්නයි මේ හැම එකක්ම php වලින් කරන්න බැහැ. උඩින් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි (ෆේස්බුක් තාමත් පාවිච්චි කරන්නේ php language එකද?) නැහැ..
දැන් අපි බලමු මේ යකා එහෙනම් මොනවගේ තාක්ෂනයක්ද මේ පාවිච්චි කරන්නේ කියලා. මාක් අයියා පටන්ගන්නවා අලුත් ලන්වෙජ් එකක් හදන්න ෆේස්බුක් වලටම විශේෂ කරලා, Hack කියන language එක එන්නේ මෙන්න මේ කාලේදී. Hack කියන ලන්වෙජ් එක හැදුවේ php වල කෑලිබෑලි අමුණලා ගැටගහලා, සරලව කිවොත් සුපිරි php framework එකක් විදියට තමයි මේ Hack language එක එලියට එන්නේ. මේකේ ගොඩක් විශේෂතා තියෙනවා මුලින්ම ගත්තම මේක ආරක්‍ෂිත මට්ටමින් ඉහලම තැනක් ගන්න language එකක්. ඒ වගේම මේක ලොකු ලොකු trafic වලට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ.
ලොකු ලොකු trafic ආවත් ෆේස්බුක් කියන පේජ් එක යහපාලන වයි-ෆයි වලත් ඉක්මනට ලෝඩ් වෙන්වා. ඒ කිවුවේ වෙබ් පිටු අතර මාරුවෙද්දී ඉක්මනට වෙබ් පේජ් ඒවා ලෝඩ් වෙනවා. මේකට ෆේස්බුක් අලුත් තාක්ෂණයක් යොදාගන්නවා බිග්-ෆයි කියලා.මේක ගැන කෙටියෙන් කිව්වොත් අපේ වෙබ්බ්‍රවුසරේ ගොඩක් කාර්යක්ෂම කරනවා මේ තාක්ෂනය මගින්.
තවදෙයක්, අපි දැනට දාන පොස්ට් ඒවා ඒ වගේම මැසේජ් ඒවා එහෙම අපිට ආයේ බලන්න ඕන උනොත් එක ඉක්මනට ලෝඩ් කරගන්න පුළුවන්, එත් පොඩ්ඩක් Activity Log එකට ගිහිල්ලා දාපු පරණම පොස්ට් එකක් එහෙම බලන්න ගන්නකෝ.. එතකොට තේරෙනවා ටිකක් ඒවා ලොඩ් වෙන්න තරමක කාලයක් ගන්නවා කියලා. මෙහෙම වෙදිදි අපි පාවිච්චි කරන කනෙක්ෂන් එකේ ලොක්කගේ අම්ම මුත්තා හිත යටින් අපි අමතනවා, හැබැයි මේක අපි පාවිච්චි කරන කනෙක්ෂන් එකේ අවුලක්නම් නෙවේ. මේකට හේතුව තමයි ෆේස්බුක් පාවිච්චි කරනවා තාක්ෂණයක් Data Warehouse කියලා, මේකෙදි වෙන්නේ අපි නිතර නිතර බාවිතා කරන්නේ නැති data ටික මාක් අයියා ඒවා වෙනම HIVE කියලා server එකකට දානවා . අපි පරණම පරණ පොස්ට් එකක් බලන්න යද්දී ඉතින් අර server එකේ ඉදලා ආයේ ලෝඩ් වෙන්න ගන්නවා, අන්න එකයි මෙතැනදී ටිකක් ස්ලෝ වෙන්නේ ස්පිඩ් එක.
තව කියනවනම් මාක් අයියා python,java script,React.js,java,hadoop කියන language එහෙම නැත්තම් තාක්ෂණික ක්‍රමත් බාවිතා කරනවා.. ෆේස්බුක් පිටුවක් ලෝඩ් කරගත්තම එස්ටෙන්ෂන් එක විදියට .php කියල තිබ්බට මේ ඇත්තටම අපි පාවිච්චි කරන php නෙවෙයි. තාක්ෂනය අතින් ගොඩක් දියනු php තමයි එතන තියෙන්නේ, අන්තිමට කියනවනම් ෆ්ස්බුක් කම්පනිය අපි ගැන හැම දෙයක්ම දන්නවා , අපි කැමති මොනවටද අපි ගොඩක් හොයන්නේ මොනවද අපේ ගැන හැමදෙයක්ම ෆේස්බුක් එක දන්නවා, මිට අමතරව දෙයක් කියනවනම් කාටහරි පොඩියට වෙබ් එකක් හදන්නනම් php හොදයි, එත් ටිකක් දියුණු කම්පැනි එකක වැඩකරන්න හිතාගෙන ඉන්නවනම් php කියන්නේ සෙල්ලම් බඩුවක් විතරයි…..
කතාව ඉවරයි. ලිවුවේ මම හරිත් දිල්ශාන්..
#ShapMansick
#HarithDilshan
උපුටාගන්නේනම් නමවත් ඉතිරි කරන්න……

Comments