කාලය හෙමින් ගියා. ප්‍රෝගැමර් කෙනෙක්ට වෙලාව කකා ගෙදරට වෙලා ඉන්න එක කොහොමත් එපා වෙන වැඩක්නේ. මෙතන මේ ටීම් එකේ ඉදපු කෙනෙක් පොරට ලැබුන විවෙක කාලයෙන් ලැප් එක අතට අරන් හදන්න පටං ගන්නවා ගේම් එකක්. ගේම් එක එලියට එන්න එතරම් කාලයක් ගියේ නැහැ. ගේම් එකේ නම space travel.මෙතනත් මේ අය වැඩ වරද්දගන්නවා.හේතුව මේ ගේම් එකත් රන් වෙන්නේ mainframe මැශින් වල විතරයි.
ඉතින් මේ මිනිහට ඕන උනා අලුත් මෙහෙයුම් පද්ධතියක් හදන්න මේ ගේම් එක රන් කරන්න පුලුවන් විදියට. මාසයක් ඇතුලත මෑන්ගෙ අතින් මෙහෙයුම් පද්ධතියක් එලියට එනවා.හරියටම කිවුවොත් වැඩ අවසන් උනේ 1969 අගොස්තුවේදී. දැනට තිබෙන unix මෙහෙයුම් පද්දතියේ ප්‍රදානම කේත සටහන තමයි මේක. මේ වෙද්දි ගොඩක් සමාගම් වලින් මෙයාට උදවු ලැබෙනවා මේ මෙහෙයුම් පද්දතිය වැඩිදියුණු කරන්න.
.
.
බ්ලා බ්ලා බ්ලා…
.
.
1971 මේ හදපු මෙහෙයුම් පද්දතියට නමක් දෙනවා UNIX කියලා.ඒ වගේම මේ මෙහෙයුම් පද්දතියට අලුතින් දේවල් එකතු කරන්න බලාගෙන මේ කෝඩ් එක ආයේ ලියනවා C පරිගනක බාශාවෙන්. මේ කාලේ වෙද්දි ගොඩක් විශ්වවිද්‍යාල හා ප්‍රසිද්ද ආයතන වල මේ මෙහෙයුම් පද්දතිය බාවිතයට ගැනෙනවා. අද වෙද්දි ගොඩක් ඉලෙක්ට්‍රොනික් උපකරනවල මෙම unix කේතයේ කොටසක් හෝ භාවිතයට ගැනෙනවා.ඔව් වින්ඩොස් වලත් තියෙනවා. මේ යුනිස් ඉපදුන හැටි.මෙතනින් පස්සෙ දිග කතාවක් තියෙනවා මේක ඕපන්සෝස් උන හැටි ගැන..ඒ ගැන වගේම මේ යුනිස් බාවිතා වෙන දේවල්ගැන ඊලගලිපියෙන් හමු වෙමු..
ලිවුවේ හරිත් දිල්ශාන්.
#Shap_Manasick
#HarithDilshan
උපුටා ගන්නේ නම් නමවත් ඉතිරිකරන්න…..
Comments
Post a Comment