මට හොදින් සල්ලි තියෙන තාත්තා කෙනෙක් හිටියේ නැහැ. විශ්වවිද්‍යාලය සදහා
තුන් වතාවක් උස්සාහ කළා. සියල්ල අසාර්ථක වුණා. මම දසවතාවක් හාවර්ඩ්
විශ්වවිද්‍යාලය සදහා අයදුම්කර තිබෙනවා. ඔවුන් මාව ප්‍රතික්ෂේප කලා. ඔවුන්ට
මාව දකින්නවත් අවශ්‍ය උනේ නැහැ. අවසානයේ මා ජිවත් වූ නගරෙයේ තුන්වන හෝ
හතරවන පන්තිය ලෙස සලකන ගුරු විද්‍යාලයට ගියා. මම රැකියා සදහා ඉල්ලුම් කළා.
තිස්වතාවක් මාව ප්‍රතික්ෂේප කළා.ඒ කාලය මට ගොඩක් අපහසු උනා. මගේ අපේක්ෂාවන්
සියල්ල නැතිවී ගියා. මම විශ්වවිද්‍යාලයේ ඉගැන්නුව නිසා මගේ වැටුප මාසෙටම
ඩොලර් දහයයි. හොද රැකියාවක් හොයාගන්න බැරි උන නිසා, 1994 දී මම
අන්තර්ජාලෙන් යමක් කරන්න අදහස් කළා.
විසි තුන්දෙනෙක් එයට විරුද්ධව සිටියා. “මේක මෝඩ අදහසක්,අප අන්තර්ජාලය ගැන කවදාවත් අසා නැහැ” ඔවුන් පැවසුවා. ඒ වගේම ” ඔබ පරිගණකය ගැන කිසිවක් දන්නේ නැහැ” කියලා පැවසුවා. මම කවදාවත් හිතුවෙන් නැහැ මම දක්ෂයි කියලා. කිසිවෙක් මා සාර්ථක වේයැයි විශ්වාස කලේ නැහැ. හැමෝම පැවසුවේ පිස්සු කියල. මොහු හිතන්නේ කවදාවත් කරන්න බැරි වැඩක් ගැන කියලා.මම බැංකු වලින් ඇමරිකානු ඩොලර් 3000 ක ණයක් ගන්න උස්සහ කළා. එයට මම මාස තුනක් ගියා. නමුත් තවමත් මට එය ලබාගැනීමට නොහැකි උනා. මම තිහ හතළිහකට වැඩි වියපෘති ආයෝජකයන් එක්ක කතා කළා. හැමෝම පැවසුවේ එය අමතක කරන්න කියලා. ගොඩක් මිනිස්සු පැවසුවේ Alibaba කියන්නේ දුෂ්කර ආකෘතියක් කියලා.
මම පැවසුවා ” මම එය විශ්වාසකරනවා, මම හිතනවා මෙය විශාල දෙයක් වෙයි කියලා.” මම හිතුවේ නැහැ එය අද තරම් විශාල වෙයි කියලා. මම විශ්වාසකලා, මට එය ඔප්පු කිරීමට ඉවසීමෙන් ගොඩක් මහන්සිවෙලා වැඩකරන්න තියෙනවා කියලා. එය ඉතාමත් දුෂ්කර අත්දැකීමක් වුනා. ආයෝජකයින් දහඅට දෙනෙක්ගෙන් ඇමරිකානු ඩොලර් පනස්දහසකින් අපි මෙය පටන්ගත්තා. පළමු අවුරුදු තුනේදීම අපට ඩොලර් එකක්වත් ආදායම තිබුනේ නැහැ. එය පහසු උනේ නැහැ. නමුත් ඇයි අපි ඉදිරියට ගියේ, හේතුව පාරිබෝගිකයන් ස්තුතිය පලකරලා ගොඩක් e-mails එවලා තිබුනා. ඔවුන් පැවසුවා ” මේක හොද දෙයක්. අපිට බැහැ ඔබට ගෙවීම් කරන්න,නමුත් මෙය අපට ප්‍රයෝජනවත් කියලා”,
ටිකෙන් ටික අපි පටන් ගත්ත දේ තවතවත් ගොඩනැගුවා.ටිකෙන් ටික අපි අපේ වියාපාර පරිසරයේ යටිතල පහසුකම් ගොඩනැගුවා. දැනට අවුරුදු දහයක් ගතවෙලා, අප සතුව තිබෙනවා Alibaba Group, Tmall Group, Taobao Group සහ Alipay.. මිනිසුන් කියනවා “ඔබ ගොඩක් දක්ෂයි ,ඔබ කොහොමද මේ වගේ කම්පැනි එකක් නිර්මාණය කලේ ” කියලා. Bill Gates, Warren Buffet, Jack Welch, Larry Page, Mark Zuckerberg මේ මිනිසුන් සහ අනෙක් මිනිසුන් අතර තියෙන වෙනස වන්නේ ඔවුන් සෑම විටම අනාගතය ගැන සුබවාදීව දකිනවා. ඔවුන් චෝදනා කරන්නේ නැහැ. ඔවුන් සෑමවිටම උස්සාහ කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න නිරාකරණය කරගන්න. ඔබ සුබවාදීව විටින විට , ඔබට ඕනෑතරම් අවස්ථා තිබෙනවා.
මිනිස්සු ගොඩක්දෙනා අද කියන්නේ “ජැක් කොහෙද අවස්තාවන් තියෙන්නේ ? මට රැකියාවක් නැහැ, මට මේක නැහැ, මට අරක නැහැ.” අපි අදවනවිට සිටින්නේ මේ සියවසේ හොදම කාලයේ. ඔබේ හොදම වත්කම ලෙස ඔබේ තරුණ කාලය තියෙනවා.චෝදනා කරන්න එපා. අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න දෙන්න. මිනිසුන් අවස්තාවන් නැහැ කියලා චෝදනා කරන්නේ බොරුවට. සිතන්න, ඔබට දේවල් වෙනස් කරන්න හැකිවෙන්නේ කොහොමද කියලා. යම් දෙයක් තිබෙනවානම්, මට හැකියි මේ දේ වෙනස් කරන්න කියලා, ඔබ ඒ ගැන සිතන්න. එය ක්‍රියාවට නැංවීම ආරම්බ කරන්න. මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සුන්,තරුණ මිනිසුන් ලග හැන්දෑවට පුදුම අදහස් තියෙනවා. නමුත් පසුවදා උදෑසනම සුපුරුදු පරිදි කාර්යාලයට යනවා.
ඉස්සරහට යන්න ඕන නම්, අනිත් මිනිස්සුන්ට කලින් ඔබට යමක් කරන්න වෙනවා. අනෙක් මිනිස්සු නැගිටින්න කලින් ඔබට නැගිටින්න තියෙනවා. අනෙක් මිනිස්සුන්ට වඩා ඔබට නිර්බීත වෙන්න තියෙනවා. ඔබේ බුද්ධිය පාවිච්චි කරන්න, පාරිබෝගිකයන්ගේ අවශ්‍යතාවය මත සියල්ල කරන්න. සෑම දෙනාම, සෑම පුද්ගලායාම, හෙට දිනයේ අලුත් වෙනවා. පියවර තබන්න. ක්‍රියාත්මක වෙන්න. ආයෝජකයින් ඔබව විස්වාසකරනවද නැද්ද? යහළුවන් ඔබව විස්වාස කරනවද නැද්ද? දෙමාපියන් ඔබව විස්වාසකරනවද නැද්ද? එය වැදගත් වෙන්නේ නැහැ. ඔබ එය විශ්වාස කරන්න. ඔබේ කණ්ඩායම එය විස්වාස කරන්න, දිවා රෑ ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඒ දේවල් සිදුකරන්නේ කොහොමද යන්න හිතන්න.ඕන තරම් වැරදි වෙනවා. ඔබ වැටෙනවා. නැගිටින්න. ආදායමේ ඕන තරම් අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒක තමයි හොදම ආදායම.
මුදල් ගැන වදවෙන්න එපා. මුදල් මිනිසුන් පසුපස එනවා. මිනිස්සු කල යුතු වන්නේ සිහින පසුපස ගමන් කිරීමයි. ඔබට සිහිනයක් තියෙනවද, ඒ සිහිනය හබා යන්න. මම හිතනවා ලොව ජයගන්න පුළුවන් කිසිවෙක් නැහැ කියලා. කළහැකි වන්නේ ලෝකයාට සේවය කිරීම පමණයි. මෙහිදී ඔබ අනුන් වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යයි, නැතිනම් තමන් වෙනුවෙන් වැඩකරන්න අවශ්‍යයි. මම තීරණය කරගත්ත මාර්ගය මම වෙනුවෙන් වැඩ කිරීම.
අන්තර්ජායේ අලවිකරණයේ දැවැන්තම නමක් එක්ක අද ලොව ධනවතුන් අතර 23 වන ස්ථානයේ ඉන්න මම ජැක් මා ( Jack Ma – Chairman of Alibaba Group )
ලිවුවේ හරිත් දිල්ශාන්.
#Shap_Manasick
#HarithDilshan
උපුටා ගන්නේ නම් නමවත් ඉතිරිකරන්න…..

Comments
Post a Comment